ශ්‍රී ලංකා විදුහල්පති සේවයේ කලක් තිස්සේ පවත්නා සේවා ගැටලු හා අඩුපාඩු පිළිබඳ ව විධිමත් ව පරීක්ෂා කර බලා කඩිනමින් විසඳුම් වාර්තා කරනු පිණිස අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත විසින් කමිටුවක් පත් කර ඇත.
අධ්‍යාපන අමාත්‍යාංශයේ උපදේශක මහාචාර්ය ගුණපාල නානායක්කාර ඇතුළු අධ්‍යාපන හා පරිපාලන ක්ෂේත්‍රවල ප්‍රවීණයන් පස් දෙනකුගෙන් සමන්විත එම කමිටුව දැනටමත් සිය කටයුතු ආරම්භ කර ඇත.



