සෙනසුරාදා ප්‍රදේශ කිහිපයකට පැය 10 ක ජල කප්පාදුවක්

Share

කොළොන්නාව පොම්පාගාරයේ ප්‍රධාන පැනලයේ අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් අප්‍රේල් මස 29 වන දින පැය 10ක ජල කප්පාදුවක් සිදුකිරීමට නියමිත බව ජල සම්පාදන සහ ජලාපවහන මණ්ඩලය පවසනවා.

ජල කප්පාදුව එදින පෙ.ව 11 සිට එදින රාත්‍රී 9.00 දක්වා සිදුකිරීමට නියමිතය.

ඒ අනුව කොළොන්නාව නගර සභා බල ප්‍රදේශය, මොරගස්මුල්ල , රාජගිරිය, ඔබේසේකරපුර, බණ්ඩාරනායකපුර,ඇතුල්කෝට්ටේ, නාවල, කොස්වත්ත සහ රාජගිරිය සිට නාවල විවෘත විශ්වවිද්‍යාලය දක්වා ප්‍රධාන මාර්ගය සහ ඊට සම්බන්ධිත සියලු මාර්ගවල ජල සැපයුම අත්හිටවනු ලැබේ.

Read more

Local News