පොලිස් දෙපාර්තමේන්තුවේ සමස්ත තොරතුරු තාක්ෂණ වැඩපිළිවෙල පිළිබඳ වාර්තාවක් මසක් තුළ ලබා දෙන මෙන් කෝපා කමිටුව පොලිස් දෙපාර්තමේන්තුවට දැනුම් දී තිබෙනවා.
සියලු පොලිස් ස්ථානවල කල් ඉකුත් වූ කඳුළු ගෑස් විනාශ කිරීමටද කටයුතු කරන ලෙසයි කෝපා කමිටුව පොලිස් දෙපාර්තමේන්තුවට දැනුම් දුන්නේ.
ඊයේ රැස්වූ කෝපා කමිටුවේදී මෙම අදහස් පළ වුණා.



