අද (29) උදෑසන 11.00 සිට රාත්‍රී 09 දක්වා කොළොන්නාව නගර සභා බලප්‍රදේශය, මොරගස්මුල්ල, රාජගිරිය, ඔබේසේකරපුර, බණ්ඩාරනායකපුර, ඇතුල්කෝට්ටේ, නාවල, කොස්වත්ත සහ රාජගිරිය සිට නාවල විවෘත විශ්වවිද්‍යාලය දක්වා ප්‍රධාන මාර්ගය සහ ඊට සම්බන්ධිත සියලු අතුරු මාර්ග සඳහා ජල කප්පාදුවක් සිදුකිරීමට නියමිතව තිබෙනවා.
කොළොන්නාව පොම්පාගාරයේ අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් මෙලෙස ජල කප්පාදුව සිදුකරන බවයි ජාතික ජල සම්පාදන සහ ජලාපවහන මණ්ඩලය පවසා සිටියේ.



