ලසන්ත අලගියවන්න පදනම විසින් 12 වන වරටත් සංවිධානය කරනු ලබන කඩවත – මහර වෙසක් කලාපය මෙවර ද 2023 මැයි මස 05, 06 සහ 07 යන දිනවල දී පැවැත්වීමට සුදානම් කර තිබේ.
සුවත උයන අසල අධිවේගී පිවිසුමෙහි එක් කොටසක වෙසක් කලාපය රාජ්‍ය අනුග්‍රහයෙන් යුතුව පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත.
ඒ අනුව, මෙම වෙසක් කලාපය තුළ රාජ්‍ය හා පෞද්ගලික ආයතන මඟින් වෙසක් පහන් කූඩු නිර්මාණ, ප්‍රදර්ශන වෙළඳ කුටි සහ ලංකාවේ ජලය මත ඉදිවන එකම තොරණ ද මහජන ප්‍රදර්ශනය සඳහා ඉදිරිපත් කිරීමට කටයුතු යොදා ඇත.
ශ්‍රී ලංකා යුධ හමුදාව හා ශ්‍රී ලංකා පොලිසියත්, පාසල් සිසුන් භක්ති ගීත මෙම වෙසක් කලාපය තුළ ඉදිරිපත් කිරීමට ද සැළසුම් කර ඇත.



