විදෙස්ගත ශ්‍රමිකයින්ට ගුවන්තොටුපොළේ දී ලබා දෙන තීරු බදු සහනය ඉහළ නැංවීම අද (01) සිට ක්‍රියාත්මක බව කම්කරු සහ විදේශ රැකියා අමාත්‍යංශය පවසනවා.
ඒ අනුව තමන් එවූ මුදල් ප්‍රමාණය මත අතිරේක තීරු බදු සහන ලබාගැනීමට හැකියාව පවතින අතර විදේශගත ශ්‍රමිකයින් මෙරටට එවා ඇති විදේශ විනිමය වශයෙන් බැංකුවල පවතින මුදල් සඳහා කිසිදු බද්දක් අය කිරීමක් සිදුනොකරන බව එම අමාත්‍යංශය සඳහන් කළේය.



