ඉන්දියානු ගුවන් හමුදා ප්‍රධානී ශ්‍රී ලංකාවේ නිළ සංචාරයක

Share

ශ්‍රි ලංකා ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ මැතිතුමන්ගේ ආරාධනයකට අනුව ඉන්දියානු ගුවන් හමුදා ප්‍රධානී එයාර් චිෆ් මාර්ෂල් විවේක් රාමි චෞද්රි මැතිතුමන් ඇතුලු දූත පිරිසක් 2023 මැයි මස 01වන දින කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලෙන් නිල සංචාරයක් සදහා දිවයිනට පැමිණෙන ලදි.

ශ්‍රී ලංකාවට පැමිණි ඉන්දියානු ගුවන් හමුදා ප්‍රධානී එයාර් චීෆ් මාර්ෂල් විවේක් රාමි චෞද්රි හා ශි්‍ර ලංකා ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ අතර නිළ හමුව ගුවන් හමුදා මුලස්ථානයේදී (02) සිදුවිය.

ගුවන් හමුදා මුලස්ථාන පරිශ්‍රයට පැමිණි ඉන්දියානු ගුවන් හමුදා ප්‍රධානී එයාර් චිෆ් මාර්ෂල් විවෙක් රාමි චෞද්රි ඇතුලූ දූත පිරිස ගුවන් හමුදා කොළඹ කදවුරු අණදෙන නිලධාරි තුමන් විසින් පිළිගත් අතර ගුවන් හමුදා වර්ණ පක‍ෂාංගය විසින් සම්මාන මුර පෙළපාලියකින් හමුදා ආචාර පුදකරන ලදි.

ගුවන් හමුදා මුලස්ථානයට පැමිණි ඉන්දියානු ගුවන් හමුදා ප්‍රධානිතුමන් හා ශ්‍රි ලංකා ගුවන් හමුදාධිපති තුමන් නිළ සාකචිඡාවක නිරතවු අතර එහිදි කළාපීය ගුවන් හමුදාවන් අතර සහයෝගිතාවය වර්ධනය කරගැනිම ඒකාබද්ධ පුහුණුවිම් හා තාක්ෂණික දැනුම හුවමාරුකර ගැනිම මෙන්ම සමුද්‍රිය ආවෙික්ශන මෙහෙයුමි පුළුල් කිරිම පිළිබද සාකචිඡා සිදුකරන ලදි.

ඉන්දියානු ගුවන් හමුදා ප්‍රධානී හා ශ්‍රී ලංකා ගුවන් හමුදාධිපති අතර සිදු මෙම හමුවීම සිහිගැන්වීම පිණිස විශේෂ සමරු තිළිණ හුවමාරුවක්ද සිදු කෙරුණු අතර මෙම අවස්ථාව සදහා ශ්‍රී ලංකා ගුවන් හමුදා මාණ්ඩලික ප්‍රධානි ඇතුළු අධ්‍යඬක මණ්ඩලයේ නිළධාරින්ද සහභාගී විය.

Read more

Local News