ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අද (03) රැස්වීමට නියමිතව තිබෙනවා.
ඒ අනුව දැනට පත්කර නොමැති කොමිෂන් සභා සඳහා සාමාජිකයින් පත් කිරීම මෙම සතිය තුළ අවසන් කිරීමට බලාපොරොත්තු වන බවයි කථානායක මහින්ද යාපා අබේවර්ධන සඳහන් කළේ.
රාජ්‍ය සේවා කොමිසම, ප්‍රසම්පාදන කොමිසම සහ විගණන සේවා කොමිසම සඳහා සාමාජිකයන් පත් කිරීම අවසන් කර ඇති බවයි සඳහන් වන්නේ.



