දිස්ත්‍රික්ක 3කට නායයෑම් අනතුරු ඇඟවීම් තවදුරටත්

Share

දිවයිනට බලපෑ ඇති වැසි සහිත කාලගුණ තත්ත්වය ඉදිරි දින කිහිපයේත් බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

අයහපත් කාලගුණය හමුවේ බදුල්ල, කෑගල්ල සහ මාතර දිස්ත්‍රික්ක සඳහා පනවා තිබූ නායයෑම් අනතුරු ඇඟවීම් තවදුරටත් ක්‍රියාත්මක බවයි ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසන්නේ.

කෑගල්ල, බදුල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ප්‍රදේශ කිහිපයක් සඳහා මෙලෙස නායයෑමේ අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කර ඇති බව එම සංවිධානය සඳහන් කළේය.

බදුල්ල දිස්ත්‍රික්කයේ හල්දුමුල්ල සහ පස්සර ප්‍රාදේශීය ලේකම් කාර්යාල බලප්‍රදේශ, කෑගල්ල දිස්ත්‍රික්කයේ කෑගල්ල ප්‍රාදේශීය ලේකම් බලප්‍රදේශය සහ මාතර දිස්ත්‍රික්කයේ කොටපොල සහ පස්ගොඩ යන ප්‍රාදේශීය ලේකම් බලප්‍රදේශ සඳහා මෙලෙස නායයෑමේ නිවේදන නිකුත් කර තිබේ.

එම අවදානම් නිවේදනය අද (03) සවස 4 දක්වා වලංගු වේ.

Read more

Local News