ත්‍රීරෝද රථයක් දුම්රියේ ගැටී තිදෙනෙකු මරුට

Share

වැලිගම පැලෑන පෝර ගබඩා දුම්රිය හරස් මාර්ගයේදී ත්‍රීරෝද රථයක් දුම්රියේ ගැටී අනතුරක් සිදුවී තිබෙනවා.

එම අනතුරෙන් තිදෙනෙකු ජීවිතක්ෂයට පත් වුණා.

යුද හමුදාවේ සේවය කර නිවාඩු ලබා පැමිණ සිටි 32 හැවිරිදි ඥාතියෙකු එම ත්‍රීරෝද රථය ධාවනය කර තිබෙන අතර ඔහු එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

අනිත් දෙදෙනා වයස අවුරුදු 09 ක හා වයස අවුරුදු 07 ක දරුවන් දෙදෙනෙකි.

Read more

Local News