ඉන්දීය ගුවන් හමුදා ප්‍රධානිතුමන් විසින් ඇන්ටොනෝවි 32 ප්‍රවාහන ගුවන් යානා සදහා උපකරණ ප්‍රධානයක් සිදුකරයි

Share

ඇන්ටොනෝවි 32 වර්ගයේ ගුවන් යාන සදහා අවශ්‍යය Propeller (අවරපෙති) යුගල ද්විත්වයක් ඉන්දිය ගුවන් හමුදා ප්‍රධානි එයාර් චිප් මාර්ෂල් විවේක් රාමි චෞද්රි මැතිතුමන් විසන් ශ්‍රි ලංකා ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ මැතිතුන් හට නිලවශයෙන් භාරදිම ගුවන් හමුදා කටුනායක මුලික කදවුරේ දි සිදු විය.

ශ්‍රි ලංකා ගුවන් හමුදාවේ ප්‍රවාහන ගුවන් ශක්තිය ඉහල නැංවිමේ අරමුණින් ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ මැතිතුන් ඉන්දියාව හා ශ්‍රි ලංකාව අතර පැවති වාර්ෂික 7 වන ආරක්ෂක සංවාදයේදි ඉන්දිය රජයෙන් සිදු කල ඉල්ලිමකට අනුව මෙම ප්‍රධානය සිදු කරන ලදි.

Read more

Local News