ඉන්දියානු ගුවන් හමුදා ප්‍රධානි ඉන්දීය සාම සාධක හමුදා අනුස්මරණ ස්මාරකය වෙත පුෂ්පෝපහාර දක්වයි

Share

සිවි දින නිළ සංචාරයක් සදහා මෙරටට පැමිණි ඉන්දීය ගුවන් හමුදා ප්‍රධානි එයාර් චීෆ් මාර්ෂල් විවේක් රාම් චෞද්‍රි ශ්‍රී ලංකාවේ සාම සාධක රාජකාරීන්හි නිරතව සිටියදී දිවි පිදූ ඉන්දීය සාම සාධක හමුදාවේ සාමාජිකයන් අනුස්මරණය කොට පුෂ්පෝපහාර පුද කිරීම සිදු කරන ලදි.

උත්සවය 2023 මැයි 03 වන දින බත්තරමුල්ල ඉන්දීය සාමසාධක හමුදා අනුස්මරණ ස්මාරකය අභියසදී පැවැත්වු අතර මෙම අවස්ථාවට ඉන්දීය ගුවන් හමුදා ප්‍රධානි සමග පැමිණි දූත පිරිස, ඉන්දීය තනාපති කාර්යාලයේ ආරක්ෂක උපදේශක, අධ්‍යක්ෂ ජනරාල් සුභසාධන එයාර් වයිස් මාර්ෂල් සුහර්ෂි ප්‍රනාන්දු, අධ්‍යක්ෂ ජනරාල් පුහුණු එයාර් වයිස් මාර්ෂල් බන්දු එදිරිසිංහ ඇතුළු ගුවන් හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් සහභාගී විය.

Read more

Local News