කීරි සම්බා මිල ගැන තීරණයක්

Share

කීරි සම්බා උපරිම සිල්ලර මිල වෙනස් කර ඇති බවට පළ වන වාර්තා අසත්‍ය බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසනවා.

නිවේනදයක් නිකුත් කරමින් එම අධිකාරිය පවසන්නේ, පසුගිය 02 වනදා නිකුත් කර ඇති ඇති අංක 2278/02 දරන ගැසට් නිවේදනය අනුව කිරී සම්බා සඳහා පනවා ඇති උපරිම සිල්ලර මිල රුපියල් 260ක් බවය.

එම උපරිම සිල්ලර මිල වෙනස් කර ඇති බවට පළවන වාර්තාවල කිසිදු සත්‍යතාවයක් නොමැති බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසයි.

එමෙන්ම අසත්‍ය ප්‍රචාරණයන්ට නොරැවටෙන ලෙසත් කීරි සම්බා රුපියල් 260ක උපරිම සිල්ලර මිලට වඩා වැඩි මිලට අලෙවි නොකළ යුතු බවටත් සියලුම සහල් මෝල්හිමියන්ට සහ ව්‍යාපාරිකයින් වෙත පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය දැනුම් දී ඇත.

Read more

Local News