පීඩාකාරී රාජ්ය පාලනයට එරෙහිව ගාලුමුවදොර ක්රියාත්මක වූ සාමකාමී ජන අරගලයට එල්ල වූ ම්ලේච්ඡ මැර ප්රහාරයට අදට වසරක් සපිරෙනවා.
සාමකාමී විරෝධතාවයට එල්ල වූ මෙම ප්රහාරය නිසා මීට වසරකට පෙර අදවන් දිනක ජීවිත හා දේපල විනාශයක් ද සමඟ රටම යුධ පිටියක් බවට පත්වුණා.



