ගිනිකොණදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින ගැඹුරු පීඩන අවපාතය පිළිබඳව අනතුරු ඇඟවීමේ රතු නිවේදනයක් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබෙනවා.
එම නිවේදනය අද (10) මධ්‍යහන 12.00 සිට හෙට (11) මධ්‍යහන 12.00 තෙක් වලංගු බව එම දෙපාර්තමේන්තුව පවසනවා.
ගිනිකොණදිග බෙංගාල බොක්ක මුහුදු ප්රදේශයපැවති පීඩන අවපාතය ගැඹුරු පීඩන අවපාතයක් දක්වා වර්ධනය වී අද උදේ 08.30 වන විට 8.80N සහ 88.90E ආසන්නයේ කේන්ද්‍රගත වී පැවතුණි.
එය අද සවස් කාලයේදී සුළි කුණාටුවක් දක්වාත්, ඉන්පසු හෙට මධ්‍යම බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේදී චණ්ඩ සුළි කුණාටුවක් දක්වාත් වර්ධනය වීමට බොහෝ දුරට ඉඩ ඇත.
ඒ අනුව දැනට ඉහත සඳහන් මුහුදු ප්‍රදේශවල ධීවර කටයුතුවල යෙදී සිටින පිරිස වහාම ගොඩබිමට හෝ ආරක්ෂිත ස්ථානයක් වෙත පැමිණෙන ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.





