ජපානයේ ටෝකියෝ නුවර ආසන්නයේ භූ කම්පනයක් හටගෙන තිබෙනවා.
මෙම භූ කම්පනය රික්ටර් මාපකයේ ඒකක 5.4ක ප්‍රබලත්වයක් සටහන් කර තිබූ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
භූ කම්පනය හේතුවෙන් පුද්ගලයන් සිව් දෙනෙකු සුළු තුවාල ලබා ඇති බව ද වාර්තා වෙයි.
එරට කාලගුණ අංශ දැනුම් දී ඇත්තේ භූ කම්පනය හේතුවෙන් සුනාමි අවදානමක් නොමැති බවය.



