උඩදියලුම ප්‍රදේශය රාත්‍රි කඳවුරු සඳහා සංචාරකයන් අතර ප්‍රසිද්ධියකට පත් ප්‍රදේශයක්.
රාත්‍රි කදවුරක් සඳහා පෙර දින (11) තරුණ යුවලක් පැමිණ ඇති අතර රාත්‍රියේදී ඔවුන් සිටි කුඩාරමට වනඅලි ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා.
එම වනඅලි ප්‍රහාරයෙන් තරුණිය එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත්ව ඇති අතර තරුණයා තුවාල ලබා රෝහල් ගත කෙරුණා.
මෙසේ ජීවිතක්ෂයට පත්ව ඇත්තේ මාතර ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 23ක තරුණියක් වන අතර තුවාල ලැබූ තරුණයා වාරියපොල ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 22 අයෙක්.



