අද (13) උදෑසන වව්නියාවේ සිදුකළ වෙඩි තැබීමකින් දෙදෙනෙක් මියගොස් ඇති බව පොලීසිය පවසයි.
පොලීසිය සඳහන් කළේ පුද්ගලයෙකු විසින් එක්දරු මවකට වෙඩිතබා ඝාතනය කර පසුව ඔහුද වෙඩිතබාගෙන සියදිවි නසාගෙන ඇති බවය.
වව්නියාව, පරයනාලන්කුලම්, නිලියාමොටෙයි ප්‍රදේශයේ නිවසක් තුළදී අද (13) අලුයම කාන්තාව වෙඩිතබා ඝාතනය කර තිබුණි.
මෙලෙස වෙඩිතබා ඝාතනය කර ඇත්තේ 26 හැවිරිදි එක්දරු මවකි.
පසුව සැකකරුද අද උදෑසන නිලියාමොටෙයි කොවිල අසලදී වෙඩිතබාගෙන මියගොස් ඇති බව පොලීසිය සැකපළ කරයි.
ඇය විවාහාවීමට පෙර අදාළ සැකකරු සමග ප්‍රේම සම්බන්ධතාවයක් පවත්වා ඇති බව පොලීසියට අනාවරණය වී තිබේ.



