පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් දකුණු පළාතේ කලාප කිහිපයක පාසල් අද (15) වසාදමා තිබෙනවා.
එම ප්‍රදේශයන්ට ඊයේ (14) සිට ඇදහැලෙමින් පවතින අධික වර්ෂාව හේතුවෙන් පාසල් රැසක් ජලයෙන් යටවී ඇති බවයි වාර්තා වන්නේ.
ඒ අනුව මොරවක අධ්‍යාපන කලාපයට (දෙනියාය) අයත් මොරවක හා කොටපොල කොට්ඨාශවල ඇති සියලුම පාසල් අද දින වසා ඇති බව මොරවක කලාප කාර්යාලය නිවේදනය කරයි.



