ගතවූ දින 14 තුළ ඩෙංගු රෝගීන් 4000 ඉක්මවයි

Share

ගතවූ දින 14 තුළ මෙරටින් ඩෙංගු රෝගීන් 4000කට අධික ප්‍රමාණයක් වාර්තා වී තිබෙනවා.

වාර්තා වන ප්‍රමාණයට වඩා වැඩි ඩෙංගු රෝගීන් සංඛ්‍යාවක් සිටිය හැකි බවයි ඩෙංගු මර්දන ඒකකයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය නලින් ආරියරත්න ප්‍රකාශ කළේ.

ඊට හේතුව සමහර රෝගීන්ගෙන් රෝග ලක්ෂණ මතු නොවීමයි.

මේ හේතුවෙන් නිසි සෞඛ්‍ය උපදෙස් අනුගමනය කරන ලෙසයි ඔහු ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.

මේ වසරේ වාර්තා වී ඇති ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාවද 33,700කට අධිකයි.

ගම්පහෙන් ඩෙංගු රෝගීන් 7602ක්, කොළඹින් 7017 ක්, කළුතරින් 1984 දෙනෙකු ලෙස ගතවූ මාස කිහිපය තුළ ඩෙංගු රෝගීන් වාර්තා වී ඇති බවයි ජාතික ඩෙංගු මර්ධන ඒකකය සඳහන් කළේ.

මැයි මාසයේදී ගතවූ දින කිහිපය තුළ පමණක් කොළඹ දිස්ත්‍රික්කයෙන් ඩෙංගු රෝගීන් 819ක්, ගම්පහෙන් 987ක් සහ කළුතරින් ඩෙංගු රෝගීන් 241ක් වාර්තා වී තිබෙනවා.

සිදුවී ඇති ඩෙංගු මරණ සඛ්‍යාව 22ක්.

Read more

Local News