O/L විභාගය පැවැත්වෙන පාසල්වල විශේෂ ඩෙංගු මර්දන වැඩසටහනක්

Share

අපොස සාමාන්‍ය පෙළ විභාගය එළඹෙන මැයි මස 29 දින සිට ජුනි මස 08 දින දක්වා පැවැත්වීමට සියළු කටයුතු සංවිධානය කර තිබෙනවා.

දිවයින පුරා විභාග මධ්‍යස්ථාන 3568කදී විභාගය පැවැත් වේ.

විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ විභාග මධ්‍යස්ථාන පිහිටුවා ඇති පාසල් හි ඩෙංගු මර්දන ධූමායන කටයුතු සිදු කිරීම සඳහා මේ වන විටත් අදාළ බලධාරීන් වෙත දැනුම් දී ඇතැයි විභාග දෙපාර්තමේන්තු සඳහන් කරයි.

අධ්‍යාපන අමාත්‍යංශයේ මග පෙන්වීම යටතේ පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරුන් සහ දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරුන් සම්බන්ධ කර ගනිමින් පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරුන්, කළාප අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් සහ අදාළ පාසල්වල විදුහල්පතිවරුන් විසින් මෙම ඩෙංගු මර්දන වැඩසටහන ක්‍රියාත්මක කරන බව
විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

Read more

Local News