19 දෙනෙකුට දිවි අහිමි වූ ගින්නට හේතුව දුරකථනයක්

පසුගිය දිනක ගයානාවේ පාසලක නේවාසිකාගාරයක හටගත් ගින්නකින් එහි නවාතැන් ගෙනසිටි ශිෂ්‍යයින් 19 දෙනෙක් ජීවිතක්ෂයට පත්වුණා.

එම ගින්නට හේතුව මේ වනවිට හෙළිවී තිබෙනවා.

පාසල් බලධාරීන් පවසන්නේ එම ගින්න සිසුවියක විසින් වුවමනාවෙන් ඇතිකර ඇති බවයි.

ඊට හේතුව වී ඇත්තේ ඇයගේ ජංගම දුරකථනය ගුරුවරියක් සහ නේවාසිකාගාරයේ පාලිකාව විසින් ලබාගැනීම බව වාර්තා වෙයි.

ඊට පළිගැනීමක් ලෙස අදාළ සිසුවිය නේවාසිකාගාරයට ගිනි තබා ඇති බව හෙළිවී තිබෙනවා.

එම ගින්නෙන් එහි සිටි සිසුවියන් ඇතුළු 19 දෙනෙක් මියගියා.

Previous articleයුක්‍රේන සන්නද්ධ හමුදාවෙන් රුසියාවට ප්‍රහාර
Next articleබ්‍රසීලයට සෞඛ්‍ය හදිසි තත්ත්වයක්