පැනමාව හා කොලොම්බියා දේශසීමාවේ භූ කම්පනයක්

පැනමාව සහ කොලොම්බියාවට ඔබ්බෙන් පිහිටි කැරිබියන් දූපත් ආශ්‍රිතව රික්ටර් මාපාංක 6.6ක භූකම්පනයක් සිදුව තිබෙනවා.

කිලෝමීටර් 10ක ගැඹුරින් එම භූකම්පනය සිදුව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

භූකම්පනය හේතුවෙන් සුනාමි අනතුරු ඇඟවීමක් නිකුත් කර නොමැති බව ද වාර්තා වනවා.