යුක්රේන රුසියා යුධ ගැටුමට අදට දින 466 යි.
නෝවා කකොව්කා වේල්ල පිපිරීමෙන් පසු ගංවතුර නිසා වූ පළමු මරණ මේ වන විට වාර්තා වී තිබෙනවා.
ඒ අනුව පුද්ගලයින් තිදෙනෙකු මිය ගොස් ඇති බවයි වාර්තා වන්නේ.
සමහර ප්‍රදේශවල ජලයෙන් යට වූ ප්‍රමාණය අඩි 17ක් පමණ උස බව වාර්තා වනවා.
මේ අතර ගංවතුරෙන් පීඩාවට පත් වූ රුසියානු ප්‍රදේශවල පුද්ගලයින්ව බේරාගන්නා ලෙස යුක්රේන අගමැති ජාත්‍යන්තර සංවිධානවලින් ඉල්ලා ඇති බවයි වාර්තා වන්නේ.
කෙසේ නමුත් යුක්රේනයේ ඇති වූ හදිසි තත්ත්වය මත එක්සත් ජාතීන්ගේ සංවිධානය සහ ජාත්‍යන්තර රතු කුරුස සංවිධානය යුක්රේනයට අවශ්‍ය සහය ලබා දීමට අසමත් වීම සම්බන්ධයෙන් කණගාටු වන බව යුක්රේන ජනාධිපති සෙලෙන්ස්කි පවසනවා.
මේ අතර වේල්ල කැඩී යාම නිසා මිය ගොස් ඇති මසුන් ආහාරයට ගැනීම සුදුසු නැති බවට යුක්රේන සෞඛ්‍ය අමාත්‍යාංශය අනතුරු අඟවා තිබෙනවා.
ඒ එම මසුන්ගේ අනතුරුදායක රසකාරක සහ රෝගකාරක තිබිය හැකි නිසායි.
එසේම වේල්ල කඩා වැටීමෙන් ඇති වූ හානිය නිසා යුක්රේන ගොවිබිම් හේක්ටයාර ලක්ෂ 5ක් පමණ කාන්තාර විය හැකි බවට එරට කෘෂිකර්ම අමාත්‍යාංශයද අනතුරු අඟවා තිබෙනවා.
මේ අතර නෝවා කකොව්කා වේල්ල විනාශ වීම යුරෝපයේ විශාලතම න්‍යෂ්ටික බලාගාරය වන සපොර්ෂියා බලාගාරයටත් අනතුරුදායක බවයි එක්සත් ජාතීන්ගේ න්‍යෂ්ටික නිරීක්ෂණ අංශයේ ප්‍රධානී රෆායෙල් ග්‍රෝසි පවසන්නේ.
ඒ බලාගාරය තුල ඇති ප්‍රතික්‍රියාකාරක 6 සිසිල් කිරීමට අවශ්‍ය ජලය හිඟ විය හැකි බව කියමින්.
කෙසේ නමුත් මෙම වේල්ල පිපිරීම සම්බන්ධයෙන් සොයා බැලීමට ජාත්‍යන්තර කොමසමක් පත් කල හැකි බවට තුර්කි ජනාධිපති රෙසෙප් තායිප් එර්දොආන් පවසා තිබෙනවා.
ඒ යුක්රේන ජනාධිපති සෙලෙන්ස්කි සමඟ කළ දුරකථන ඇමතුමකදී යි.