කෑගල්ලේ මනුෂ්‍ය ඝාතනයක්

Share

කෑගල්ල පල්ලේගම ප්‍රදේශයේ මනුෂ්‍ය ඝාතනයක් සිදුව තිබෙනවා.

වෙළඳසැලක් ඉදිරිපිට කලහකාරී ලෙස හැසිරුණු අයෙකුට එසේ සිදු නොකරන ලෙස වෙළඳසැල් හිමියෙකු පවසා තිබෙනවා.

එම වෙළඳසැලට හා අසල ගාල් කර තිබු යතුරුපැදි කිහිපයකට මෙන්ම වෙළඳසැල් හිමිකරුගේ නිවසටද අදාල පුද්ගලයා අලාභහානි සිදුකර ඇති බවයි වාර්තා වන්නේ.

ඇතිවූ උණුසුම් තත්ත්වය හමුවේ වෙළඳසැල් හිමියා නිවසේ ඉහළ මාලයේ සිට බ්ලොක් ගලකින් කලහකාරී ලෙස හැසිරුණු පුද්ගලයාට පහර දීමෙනුයි මෙම මරණය සිදුව ඇත්තේ.

Read more

Local News