ප්‍රතිත්‍රස්ත පනත අවලංගු කරන ලෙස එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ නියෝජ්‍ය මහ කොමසාරිස් ශ්‍රී ලංකාවෙන් ඉල්ලීමක් සිදුකර තිබෙනවා.
පවතින ත්‍රස්තවාදය වැළක්වීමේ පනත වෙනුවට ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූල නීති සම්පාදනය කිරීමට රජය කැපවිය යුතු බවයි ඇය පවසන්නේ.
මානව හිමිකම් කවුන්සිලයේ 53 වන සැසි වාරයේදී ශ්‍රී ලංකාව තුළ සංහිදියාව, වගවීම සහ මානව හිමිකම් ප්‍රවර්ධනය කිරීම පිළිබඳ වාචික වාර්තාවක් ඉරිදිපත් කරමින් නියෝජ්‍ය මහ කොමසාරිස් වරිය මෙම අදහස් පළකර තිබුණා.