ඌරගස්මංහන්දියේදීත් පොලීසිය වෙඩි තියයි

Share

ඌරගස්මංහන්දි ප්‍රදේශයේදීත් පොලිස් රාජකාරියට බාධා කළ සැකකරුවෙකුට පොලීසිය වෙඩිතබා තිබෙනවා.

ඒ අපරාධයකට සම්බන්ධ සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමට යාමේදී.

සැකකරු සමඟ පුද්ගලයින් තිදෙනෙකු සිට ඇති අතර ඉන් එක පුද්ගලයෙකු පොලිස් නිලධාරීන්ට තියුණු ආයුධයකින් පහර දීමටයි උත්සහ ගෙන ඇත්තේ.

එම අවස්ථාවේදී එක පොලිස් නිලධාරියෙකු සිය රාජකාරී ගිනි අවියෙන් අදාල පුද්ගලයාගේ පාදයකට වෙඩි තැබීමට කටයුතු කර තිබෙනවා.

පසුව අවශ්‍ය කර සිටි සැකකරු සහ වෙඩි වැදුණු පුද්ගලයා ඇතුළු පිරිස පළාගොස් ඇති අතර පොලිස් වෙඩි පහර එල්ල වූ පුද්ගලයා අත්අඩංගුවට ගැනීමටයි පොලීසිය කටයුතු කර ඇත්තේ.

Read more

Local News