තොටිල්ලක ගෙල සිරවීමෙන් දරුවෙක් මරුට

Share

නාවලපිටිය පොලිස් වසමේ මොන්ටික්‍රිස්ටෝ වත්ත ප්‍රදේශයේ නිවසක කාමරයක බැඳ තිබූ තොටිල්ලක ගෙල සිරවීමෙන් කුඩා දරුවෙක් මියගොස් තිබෙනවා.

පොලීසිය පැවසුවේ ඊයේ (27) දහවල් කාලයේ අදාළ අනතුර සිදුව ඇති බවයි.

සාරියකින් බැඳ තිබු තොටිල්ලක එලෙස ගෙල සිරවී ජීවිතක්ෂයට පත්ව ඇත්තේ 9 හැවිරිදි දරුවෙකි.

නිවසේ සිටින තවත් කුඩා දරුවෙකුට බැඳ තිබූ තොටිල්ලක නැඟ සෙල්ලම් කරමින් සිටිය දී එලෙස ගෙල සිරවී ඇති බවට පොලීසිය සිදුකළ විමර්ශනවලදී අනාවරණය වී තිබේ.

Read more

Local News