කාන්තාවකට තියුණු ආයුධයකින් පහර දුන් පුද්ගලයෙක් කුලුනකට නගී

Share

තරුණියකගේ හිසට තියුණු ආයුධයකින් පහරදී තුවාල සිදුකළ පුද්ගලයෙකු පිළියන්දල පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

ඇරවුවල සමගි මාවත පැලැන්වත්ත ප්‍රදේශයේදී කිසියම් පුද්ගලයෙක් ඊයේ (27) තරුණියකට මන්නයකින් පහර දී තිබුණි.

වයස අවුරුදු 19ක තරුණියක් මෙලෙස පහරකෑමට ලක්ව ඇති අතර ඇය රැකියාවට ගොස් නැවත නිවස වෙත පැමිණෙමින් සිටියදී සැකකරු මෙම පහරදීම සිදුකර තිබුණි.

තරුණියට පහරදුන් පුද්ගලයා පසුව දුරකථන සංඥා කුළුණකට නැගී සිටියදී ඊයේ (27) සවස් වරුවේ පිළියන්දල පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

Read more

Local News