EPF තැන්පතු පොලීයට බලපෑමක් නෑ – මහ බැංකු අධිපති කියයි

Share

දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන් අද විශේෂ සාකච්ඡාවක් මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා.

බැංකු දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණයෙන් නිදහස් කරන බවයි එහිදී මහ බැංකු අධිපතිවරයා ප්‍රකාශ කළේ.

ඒ අනුව බැංකුවල පවතින තැන්පතු සහ පොලී සඳහා කිසිදු බලපෑමක් එල්ල වන්නේ නැති බවට ඔහු සහතික වුණා.

සේවක අර්ථ සාධක අරමුදලේ සියයට නමයේ තැන්පතු පොලියට බලපෑමක් ඇති නොවන බවද මහ බැංකු අධිපතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළා.

Read more

Local News