ප්‍රංශයේ විරෝධතා තුන්වන දිනටත් ක්‍රියාත්මක වන බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.
17 හැවිරිදි තරුණයෙකු පොලිස් වෙඩි පහරින් මියයාමත් සමග මෙම තත්වය හටගත්තේය.
ප්‍රංශයේ නගර රැසක ක්‍රියාත්මක විරෝධතා හේතුවෙන් 200කට ආසන්න පිරිසක් තුවාල ලබා ඇතිබවයි වාර්තා වන්නේ.
විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ තත්ත්වය පාලනය කිරීම සදහා 40,000ක පමණ ආරක්ෂක අංශ සාමාජිකයින් පිරිසක් යොදවා ඇති අතර විරෝධතාකරුවන් විශාල පිරිසක් අත්අඩංගුවට ගෙන ඇති බවය.
විරෝධතාකරුවන් විසින් දේපලවලට හානි කර ඇති අතර මෝටර් රථ 40ක් පමණ ගිනි තබා විනාශ කර ඇති බවට වාර්තා පළවෙයි.



