යාපනය සිට කොළඹ බලා ධාවනය වෙමින් තිබූ සුඛෝපභෝගී බස් රථයක් අද අලුයම එක්වරම ගිනිගෙන විනාශ වී තිබෙනවා.
මදුරන්කුලිය කරිකට්ටිට ප්‍රදේශයේදීම මෙලෙස බස් රථය ගිනිගෙන ඇත.
බස් රථය ගිනිගන්නා අවස්ථාවේදී එම රථයේ සියලු ආසනවල මගීන් සිට ඇතිමුත් ඉන් කිසිවෙකුටත් හානියක් සිදුව නොමැත.
කෙසේ වෙතත් වැඩිදුරටත් තොරතුරු වාර්තාවන්නේ ඇතැම් මගීන්ගේ ගමන්මළු කිහිපයක් හදිසි ගින්න හේතුවෙන් විනාශ වී ඇති බවය.
ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර මදුරන්කුලිය පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරයි.