උසස් පෙළ සමත් සිසුන්ට විශේෂ පණිවුඩයක්

Share

පොළී රහිත ශිෂ්‍ය ණය යෝජනා ක්‍රමයේ 7 වන අදියර සඳහා අයදුම්පත් කැඳවීම අද (04) සිට ආරම්භ කරනු ලැබේ.

මේ සඳහා 2019/2020/2021 වර්ෂයන්හි ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව විසින් පවත්වන ලද අ.පො.ස. (උසස් පෙළ) විභාගය සමත් සිසුන් සුදුසුකම් ලබයි.

අයදුම්පත් www.studentloans.mohe.gov.lk වෙබ් අඩවිය ඔස්සේ මාර්ගගතව යොමු කළ හැකි අතර එම වෙබ් අඩවියට පිවිස පොලී රහිත ශිෂ්‍ය ණය යෝජනා ක්‍රමයේ ශිෂ්‍ය අත්පොත පරිශීලනය කර අදාල සියලු තොරතුරු ලබා ගත හැක.

අයදුම්පත් කැඳවීම 2023.08.07 දිනෙන් අවසන් වේ.

Read more

Local News