චීන ගුවන් සේවයක් වන ” Air China” කොරෝනා වසංගතයෙන් පසු, යළි ශ්‍රී ලංකාව සමග ගුවන් ගමන් ආරම්භ කරමින් පළමු ගුවන් යානය මෙරටට පැමිණ තිබෙනවා.
එම ගුවන් යානය ඊයේ (03) රාත්‍රියේ කටුනායක ගුවන්තොටුපොළ වෙත ළඟා වුණා.
මීට වසර තුනකට පමණ පෙර මෙම චීන ගුවන් සේවය, ශ්‍රී ලංකාව වෙත සිදුකළ ගුවන් ගමන් තාවකාලිකව නවතා දමා තිබුණි.
චීනයේ ෂිචුවාන් ප්‍රාන්තයේ චෙන්ඩු නුවර ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ සිට මෙම චීන ගුවන් සේවයේ සී.සී.ඒ – 425 දරන ගුවන් යානය ඊයේ රාත්‍රී 08.20ට කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණ තිබුණා.
එම ගුවන් යානයෙන් මගීන් 142දෙනෙකු සහ ගුවන් යානා කාර්යය මණ්ඩලය 09 දෙනෙකු ද පැමිණ සිටියහ.



