ඇතැම් ප්‍රදේශවලට දැඩි සුළං

Share

දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණය හේතුවෙන් නිරිතදිග ප්‍රදේශවලට තවදුරටත් වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

මේ අතර කාසල්රි ජලාශයේ ජල මට්ටම ක්‍රමයෙන් ඉහළ යමින් පවතින බවයි ජලාශ බාර ඉංජිනේරුවන් පවසන්නේ.

එසේම විමලසුරේන්ද්‍ර ජලාශය තවදුරටත් වාන් දමමින් තිබෙන බව ජලාශ බාර ඉංජිනේරුවන් පවසනවා.

මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලට මේ දිනවල අධික වර්ෂාවක් සහ දැඩි සුළං තත්ත්වයක් පවතිනවා.

මේ හේතුවෙන් බගවන්තලාව සහ නෝවුඩ් යන ප්‍රදේශවලට දින දෙකක් තිස්සේ විදුලිය ඇනහිට ඇති බවයි වාර්තා වන්නේ.

පවතින දැඩි සුළං හේතුවෙන් විදුලි රැහැන් පද්ධතියක් කඩා වැටීම විදුලිය ඇනහිටීමට හේතුවී තිබෙනවා.

මේ වන විට විදුලි රැහැන් පද්ධතිය අලුත්වැඩියා කටයුතු ආරම්භ කර ඇති බවයි වාර්තා වන්නේ.

Read more

Local News