මුදල් කාරක සභාවට විපක්ෂ නායකවරයා සහභාගී වීම යෝග්‍ය නැති බව කතානායක මහින්ද යාපා අබේවර්ධන අද ප්‍රකාශ කළා.
ඊට විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල විරෝධය පළ කිරීමත් සමඟ පාර්ලිමේන්තුව උණුසුම් වුණා.
මේ අතර දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණ විවාදයේ කාල සීමාව අඩු වීම පිළිබඳව විපක්ෂය සිය විරෝධය පළ කළා.



