ජපාන රජය විසින් අනුග්‍රහය දක්වන යෝජිත සැහැල්ලු දුම්රිය සංක්‍රමණ ව්‍යාපෘතිය (LRT) ආරම්භ කිරීමට හැකි වනු පිණිස කොළඹ පිහිටි රාජ්‍යතාන්ත්‍රික දූත මණ්ඩලය සමඟ සාකච්ඡා නැවත සක්‍රීය කර අදාළ ගිවිසුමට එළඹීම සඳහා උචිත කාල රාමුවක් සකස් කිරීමට ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.
ඔහු මේ බව ප්‍රකාශ කළේ, අද (05) රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය සාකච්ඡාවේ දී ය.



