2023 උසස් පෙළ විභාගය මෙම වසර අවසානයේ දී

Share

මේ වන විට උසස් පෙළ උත්තර පත්‍ර සමීක්ෂණයේ අවසන් අදියරට පැමිණ සිටින අතර එය අවසන් වූ වහා ම සාමාන්‍ය පෙළ උත්තර පත්‍ර සමීක්ෂණය ආරම්භ කරන බවත් 2023 වර්ෂයට අදාළ උසස් පෙළ විභාගය ද මෙම වර්ෂාවසානයට පෙර පවත්වන අතර දෙසැම්බර් මස පැවැත්වීමට නියමිත සාමාන්‍ය පෙළ විභාගය 2024 වර්ෂයේ මුල් කාර්තුවේ පැවැත්වීමට කටයුතු යොදා ඇති බවත් අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත පවසනවා.

අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ අද (07) දින පාර්ලිමේන්තුවේ දී ය.

Read more

Local News