ජාතික අධ්‍යාපන ආයතනයේ නව අධ්‍යක්ෂ ජනරාල්වරයා වශයෙන් මහාචාර්ය ප්‍රසාද් සේතුංග පත්කර තිබෙනවා.
අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත වෙතින් අදාළ පත්වීම් ප්‍රදානය අධ්‍යාපන අමාත්‍යාංශ පරිශ්‍රයේ දී සිදුකෙරුණි.
අනතුරුව ජාතික අධ්‍යාපන අයාතනයේ දී ඒතුමන් සිය අභිනව අධ්‍යක්ෂ ජනරාල් ධුරයේ රාජකාරී කටයුතු ආරම්භ කළේය.
මහාචාර්ය ප්‍රසාද් සේතුංග ජපානයේ ත්සුකුබා(Tsukuba) විශ්වවිද්‍යාලයෙන් ආචාර්ය උපාධිය ලබා ඇති අතර පේරාදෙනිය විශ්වවිද්‍යාලයේ අධ්‍යාපන පීඨයේ මහාචාර්යවරයෙකු ලෙස කටයුතු කරමින් සිටියේය.
ඔහු ශ්‍රී ලංකාවේ ගුරු අධ්‍යාපනය, ගුරු වෘත්තීය සංවර්ධනය, අන්තර්කරණ අධ්‍යාපනය, පාසල් පාදක ගුරු සංවර්ධන වැඩසටහන් ඇතුළු අධ්‍යාපන ක්ෂේත්‍රයේ පර්යේෂණ අත්දැකීම් රැසක් සහිතව ක්‍රියාකාරීව කටයුතු කරන විද්වතෙකි.



