ජීවිත 10ක් බිළිගත් ‘බස් රථයට’ බලපත්‍රයක් නෑ !

Share

මනම්පිටිය කොටලීය ඔයට පෙරළීයාමෙන් අනතුරට ලක් වූ බස් රථය බලපත්‍රයක් නොමැතිව ධාවනය කර ඇති බව ලංකා ‍පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා සඳහන් කරනවා.

සියත පත්තරේ වැඩසටහනට සජීවීව එක්වෙමින් ඔහු පැවසුවේ ඒ සම්බන්ධයෙන් දැනට දින කිහිපයකට පෙර පොලිසියට පැමිණිල්ලක් ද කළ බවයි.

සිද්ධියෙන් මේ වනවිට 10 දෙනෙකු මිය ගොස් ඇති අතර බස් රථයේ රියදුරුව අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read more

Local News