කෘෂිකර්ම දෙපාර්තමේන්තුව නව එළබටු විශේෂ දෙකක් හඳුන්වා දී ඇත.
මෙම එළබටු විශේෂ දෙක මැණිකේ (GKEB 1) සහ ටිකිරා ( GKEB 2) ලෙස නම් කර තිබේ.
වැඩි අස්වැන්නක් ලබා දෙන මෙම නව එළබටු විශේෂ දෙක පලතුරුවල ඇති ගුණාත්මකභාවයෙන් ද යුක්ත බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පවසයි. ගිරාඳුරුකෝට්ටේ බීජ පර්යේෂණායතනය මෙම නව එළබටුවර්ග දෙක හඳුන්වා දී තිබේ.
මෙම නව එළබටු වර්ග දෙක මේ වනවිටත් ගොවීන්ට වගාකිරීමට ලබා දී ඇත.



