මහනුවර ජාතික රෝහලේ වකුගඩු ඒකකයේ ගෙවුණු මාස දෙක තුළ රෝගීන් 7 දෙනෙකුට ආසන්න පිරිසක් මිය ගොස් ඇති බව අද පුවත්පත් වාර්තා කර තිබෙනවා.
මීට හේතුව රෝගීන් හා සම්බන්ධ කළ උපකරණ කට්ටලවල දිලීර ආසාදනයක් ද ?
රජයේ වගකිවයුත්තන් මීට වහා පිළිතුරු දිය යුතු බවයි සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෘත්තීය සමිති සන්ධානයේ සභාපති වෛද්‍ය චමල් සංජීව ප්‍රකාශ කළේ.



