පිළිකා නසන, සිරුරේ ලේ වඩන කොස්

Share

අපේ ප්‍රධාන ආහාරය වන බත හැරුනම දෙවෙනි බත ලෙස “කොස්” හැඳින්විය හැකිය. ඒ තරමටම කොස් ගස සමඟ අපේ මිනිසුන් සමීපයි. ඒ නිසාම කොස් ගසට “බත් ගස” ලෙස ගමියන් අතර ව්‍යවහාර වේ. පෝෂණ අවස්ථා රාශීයක් සපුරන කොස් කාර්යක්ෂම නීරෝගි දිවියකට ඉතාම හොඳ ආහාරයක්.

කොස් යනු අඩු කැලරි ආහාරයක් වන අතර ග්‍රෑම් 100කට කැලරි 155ක් පමණ අඩංගු වේ. එය තන්තුවලින් ද පොහොසත් වන අතර ආහාර ජීර්ණයට රුකුල් දෙන විශිෂ්ට ආහාරයක්.

ඉහළ තන්තු අන්තර්ගතය රුධිරයේ සීනි මට්ටම පාලනය කිරීමට උපකාරී වන අතර, දියවැඩියාව ඇති පුද්ගලයින් සඳහා කොස් කදිම විකල්පයක් පෙන්වා දෙන්න පුළුවන්.

ප්‍රතිශක්තිකරණය වැඩි කරයි

කොස්වල වැදගත්ම වාසියක් තමයි ශරීරයේ ප්‍රතිශක්තිකරණ පද්ධතියට වැදගත් කාර්යභාරයක් ඉටු කරන විටමින් C අන්තර්ගත වීම. විටමින් C අපේ ශරීරයට බොහෝ වාසි ගෙන දෙන්නකි.

Jackfruit Powder Benefits, Uses, Products, And How To Buy

හෘද රෝග සහ ආඝාත අවදානම අඩු කරයි

කොස් සිබිඩි වල අධික ලෙස පොටෑසියම් පවතින නිසා මෙම ආහාර හෘදයට ඉතාම හිතකරය. හෘද ස්පන්දනය පවතින අක්‍රමිතා දුරු කරන කොස් සිබිඩි රස ආහාරයක් ලෙස ආහාරයට ගැනීමේ දී අධික රුධීර පීඩනය වැනි තත්වයන්ගෙන් මිදෙන්නට පුළුවන.

කොස් වල ඇති පොටෑසියම් අන්තර්ගතය ශරීරයේ සෝඩියම් මට්ටම සමතුලිත කිරීමට උපකාරී වන අතර හෘද රෝග හා ආඝාත අවදානම අඩු කරයි.

ඇතැම් පිළිකා ඇතිවීමේ අවදානම අඩු කරයි

විටමින් සහ ඛනිජ ලවණවලට අමතරව, කොස්වල ෆයිටෝනූට්‍රියන්ට් ද පිරී ඇති අතර ඒවා බෝනොවෙන රෝග වළක්වා ගැනීමට සහ යහපත් සෞඛ්‍යයක් ප්‍රවර්ධනය කිරීමට උපකාරී වේ.

කොස්වල ඇති එවැනි එක් ෆයිටොනූට්‍රියන්ට් එකක් වන්නේ කැරොටිනොයිඩ්ස් වන අතර එය අක්ෂි සෞඛ්‍යයට හිතකර වන අතර ඇතැම් පිළිකා වර්ග ඇතිවීමේ අවදානම අඩු කරයි.

Jackfruit | BBC Good Food

පෝෂණීය නිර්මාංශ විකල්පයකි

කොස්වල සියලුම අත්‍යවශ්‍ය ඇමයිනෝ අම්ල අඩංගු වන අතර එය සත්ත්ව ආහාර වලින් තොර සහ නිර්මාංශිකයින් සඳහා විශිෂ්ට ආහාර විකල්පයක් බවට පත් කරයි.

රක්තහීනතාවයට එරෙහිව සටන් කරයි

කොස් ඇටවල සෞඛ්‍යයට අත්‍යවශ්‍ය වන කැල්සියම්, මැග්නීසියම් සහ පොස්පරස් සහ රතු රුධිර සෛල සෑදීමට සහ යකඩ ඌනතාවය රක්තහීනතාවයට එරෙහිව සටන් කිරීමට අවශ්‍ය යකඩ වලින් ද පොහොසත් ය.

කොස් යනු සුවිශාල පෝෂණ පැතිකඩක් සහිත පෝෂ්‍ය පදාර්ථ බහුල ආහාරයකි. එය අඩු කැලරි, වැඩි තන්තු සහ විටමින්, ඛණිජ ලවණ සහ ෆයිටොනූට්‍රියන්ට් වලින් පොහොසත් ය.

කොස් ගස් ප්‍රභේද 02 කින් දැක්විය හැකිය. ඒ වැල සහ වරකා වශයෙනි. ගසක උස අඩි 60-80 ක් වන අතර වසරකට වරක් ඵලදාව හට ගනී.

හොඳට වැඩුණු කොස් ගසකින් වරකට ගෙඩි 40-60 දක්වා ලබා ගත හැක. සරු ඵලදාවක් ඇති ගසක කොස් ගෙඩියක බර කිලෝ 15-20 ත් අතර වේ.

Top 5 health benefits of jackfruit | BBC Good Food

කොස්වලින් විවිධ වූ කෑම සාදා ගත හැකි බව අප කවුරුත් දන්නා කරුණකි. ඒ අනුව සම්ප්‍රදායික පොලොස් ඇඹුල, පොලොස් සම්බෝල, පොලොස් සීනි සම්බෝලය, පොලොස් චට්නි, පොලොස් මැල්ලුම ද කොස් කොළ පානය, වැළ, වරකා බීම, කොස් මදුළු ආශ්‍රිත ආහාර අතර, සම්ප්‍රදායික කොස් මාළුව, කිරි කොස් මාළුව, කොස් තැම්බීම, තොම්පරාදුව හා කූරැ ගෑම, නවින පන්නයේ ආහාර අතර, අපූරු රසැති කොස් මිශ්‍රණය, කොස් පීට්සා, කොස් වඩේ, කොස් මිශ්‍ර සලාදය, කොස් රෝල්ස්, වරකා ස්ටූ, කොස් අච්චාරුව, කොස් පිට්ටු, කොස් කට්ලට්, කොස් මදුළු කට්ලට්, කොස් මෝජු, කොස් කොත්තු, කොස්වලින් සාදා ගන්නා ආහාර අතර කිහිපයකි.

Easy Vegan Jackfruit Tacos • It Doesn't Taste Like Chicken

ඔබේ ආහාර වේලට කොස් ඇතුළත් කිරීමෙන් ආහාර ජීර්ණය වැඩි දියුණු කිරීම, ප්‍රතිශක්තිය වැඩි කිරීම, රුධිරයේ සීනි සහ පීඩන මට්ටම නියාමනය කිරීම, අස්ථි හා සමේ සෞඛ්‍යය ප්‍රවර්ධනය කිරීම සහ නිදන්ගත රෝග ඇතිවීමේ අවදානම අඩු කිරීම වැනි සෞඛ්‍ය ප්‍රතිලාභ රාශියක් ලබා දේ.

පනා, හෙරලි යන විවිධ නම්වලින් හඳුන්වන කොස් ගසෙන් අප තවමත් නිසි ප්‍රයෝජන ලබාගන්නා බවක් පෙනෙන්නට නැත.

කොස් වාරයේ දී ගස් යට වැටී අභාවයට යන ගෙඩි ප්‍රමාණයෙන් ඒ ගැන සනාථ කර ගත හැකිය.

තවමත් කොස් අපතේ නොහැර ප්‍රයෝජනයට ගත හැකි නව නිෂ්පාදන ගැන පර්යේෂණ සිදු වෙන්නේ අවම මට්ටමින් වන අතර, ඒ ගැන මීට වඩා උනන්දු වුවහොත් අප ආර්ථිකය ශක්තිමත් කර ගැනිමට විශාල පිටුවහලක් ලැබෙන බව නම් සහතිකයි.

Read more

Local News