දූෂණය වංචාව සහ විවිධ අක්‍රමිකතා මේ රට මෙතරම් ප්‍රපාතයකට ඇද වැටීමට ප්‍රධාන හේතුවක්.
රට වැටුණත්, බංකොලොත් වුණත් තවම ඒවා අඩු වෙලා නැහැ.
කොතනකින් හරි, කීයක් හරි ගහ ගන්න තියෙනවද කියල තමයි ඇතැම් ඇමතිවරු සහ නිලධාරීන් බලාගෙන ඉන්නෙ.
එළුවන්ට ලබා දෙන එන්නතකින් රුපියල් ලක්ෂ 40 කට ආසන්න මුදලක් අවභාවිතා කළ තොරතුරක් පිළිබඳව කෝපා කමිටුවේදී අනාවරණය වුණා.



