නීතිවිරෝධී ලෙස මුහුදු මාර්ගයෙන් රැගෙන යාමට උත්සාහ කළ රත්‍රන් කිලෝ 08යි ග්‍රෑම් 450ක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා.
නාවික හමුදාව විසින් වන්නිමුන්දලම කළපු ප්‍රදේශයේ ඊයේ (12) අලුයම් කාලයේ දී විශේෂ සෝදිසි මෙහෙයුමක් දියත් කර තිබුණි.
එහිදී එම කළපු ප්‍රදේශය ඔස්සේ කල්පිටිය මුහුදු ප්‍රදේශය දෙසට යාත්‍රා කරමින් තිබූ සැකකටයුතු ඩිංගි යාත්‍රාවක් නාවික හමුදාව විසින් පරීක්‍ෂා කර තිබෙනවා.
එම ඩිංගි යාත්‍රාව තුළ සූක්‍ෂම ලෙස සඟවා නීතිවිරෝධී ලෙස රැගෙන යාමට උත්සාහ කළ බවට සැකකෙරෙන පාර්සල් හතරක අසුරන එම රත්‍රන් තොගය මෙලෙස නාවික හමුදා භාරයට ගැනුණි.
නාවික හමුදා භාරයට ගත් සැකකරුවන් වයස අවුරුදු 37ක් සහ 42ක් වන කල්පිටිය මණ්ඩලකුඩා ප්‍රදේශයේ පදිංචිකරුවන් ය.



