ඩෙන්මාර්ක් ජාතික කාන්තාවක් කඩුගන්නාව ප්‍රදේශයේ කන්දක් නැගීමට ගොස් සිටිය දී අතුරුදන් වී ඇති බව පොලිසිය පවසනවා.
32 හැවිරිදි වියේ පසුවන මෙම කාන්තාව ඊයේ (13) දිනයේ ඒ සඳහා පිටව ගොස් ඇති අතර රාත්‍රී කාලය වනතුරු නොපැමිණීම හේතුවෙන් ඇය නවාතැන් ගෙන සිටි ස්ථානයෙන් සංචාරක පොලිසියට දැනුම් දීමක් කර තිබෙනවා.
ඇය සොයා මේ වනවිට මෙහෙයුම් සිදුකරන බවයි පොලිසිය වැඩිදුරටත් සඳහන් කරන්නේ.