ගුවන් හමුදා සේවයේ යෙදී සිටියදී මියගිය රණවිරුවන් අනුස්මරණය කිරීමේ කතෝලික ආගමික පුජෝත්සවය, 2023 ජූලි මස 11 වන දින බමිබලපිටිය සාන්ත මරියා දේවස්ථානයේ දි ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් උදේනි රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් පවත්වා තිබෙනවා.
ශ්‍රි ලංකා ගුවන් හමුදාව වාර්ෂිකව සංවිධානය කරනු ලබන මෙම කතෝලික පුජෝත්සවය මගින් පසුගිය යුද සමයේ තම මාතෘ භුමිය වෙනුවෙන් දිවි පිදු ගුවන් හමුදා සාමාජිකයින් මෙන්ම සේවයේ යෙදී සිටියදී මියගිය ගුවන් හමුදා සාමාජිකයින් සිහිකිරීම, සක්‍රිය සේවයේ යෙදී සිටින ගුවන් හමුදා සාමාජිකයින් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් වෙනුවෙන් මෙන්ම කඳවුරු ඒකකයන් වෙත ආශිර්වාද කිරිමද සිදු කර තිබෙනවා.
මෙම අවස්ථාව සඳහා ගුවන් හමුදා මාණ්ඩලික ප්‍රධානි ඇතුලු අධ්‍යකෂ මණ්ඩලයේ සාමාජිකයින්, ගුවන් හමුදා ජ්‍යෙෂ්ඨ නිළධාරීන්, සෙසු නිළයන් මෙන්ම මියගිය ගුවන් හමුදා විරුවන්ගේ පවුල්වල සමාජිකයින් අතුලු පිරිසක් සහභාගී වී සිටි බවයි වාර්තා වන්නේ.