අද (16) පෙරවරු 08.30 සිට පස්වරු 05.00 දක්වා කාලය තුළ පෑලියගොඩ, වත්තල, ජාඇළ, කටුනායක, සීදුව නගර සභා බල ප්රදේශවල ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජලසම්පාදන හා ජලාපවාහන මණ්ඩලය නිවේදනය කරනවා.
සපුගස්කන්ද විදුලි උපපොළෙහි හදිසි නඩත්තු කටයුත්තක් හේතුවෙන් අද දිනයේ පැය අට හමාරක කාලයක් බියගම ජල පවිත්රාගාරයට ජලය සැපයීම අත්හිටුවීමට සිදුවීම හේතුවෙන් මෙලෙස ජල කප්පාදුවක් සිදුවන බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.
ඒ අනුව පෑලියගොඩ, වත්තල, ජාඇළ, කටුනායක, සීදුව නගර සභා බල ප්රදේශවලට සහ කැලණිය, වත්තල, බියගම, මහර, දොම්පේ, කටාන, මිනුවන්ගොඩ යන ප්රාදේශීය සභා බල ප්රදේශවලටත් ගම්පහ ප්රාදේශීය සභා බල ප්රදේශයේ කොටසකටත් මෙලෙස ජල සැපයුම අත්හිටුවන බවයි සඳහන් වන්නේ.