විදේශ ගමන් බලපත්‍ර අන්තර්ජාලය ඔස්සේ ලබා ගැනීම සඳහා ඉකුත් මාසයක කාලය තුළ තිස් දහසකට ආසන්න අයදුම්පත් ලැබී ඇති බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් පවසනවා.
අයදුම්කරුවන් තම නම ලියාපදිංචි කිරීම සඳහා නම් කර ඇති ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලට ගමන් කළ යුතු බවත් අන්තර්ජාලය හරහා හෝ ලංකා බැංකු ශාඛාවලින් අදාළ ගෙවීම් සිදුකළ හැකි බවත් අමාත්‍යවරයා අවධාරණය කර තිබෙනවා.