ඊයේ (17) මුලතිවු පොලිස් වසමේ තාමරකුලම් වැවේ නෙළුම් ඇට කැඩීම සඳහා ඔරුවකින් ගමන් කළ දෙදෙනෙකු ඔරුව ගිලීමෙන් එක් පුද්ගලයෙකු මිය ගොස් තිබෙනවා.
මොවුන් දෙදෙනා ඔරුවේ ගමන් කරමින් සිටියදී එහි තිබූ සිදුරකින් ඇතුලට ජලය කාන්දු වීම හේතුවෙන්, එක්අයෙක් දියේ ගිලී ඇති බවයි වාර්තා වන්නේ.
මරණකරු වයස අවුරුදු 22 ක් වූ සිලාවත්ත දකුණ, මුලතිවු ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
මෘත ශරීරය මාංවෝලේ රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර සිද්දිය සම්බන්ධයෙන් මුලතිවූ පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.